වර්ෂ 1871 අංක 26 ආඥා පනත මගින් ගම් සභා නැවත සංස්ථාපනය කිරීම ඔස්සේ 1924 අංක 9 දරණ ආඥා පනත මගින් ගම් සභා පිහිටුවීම ලංකාව පුරා ව්‍යාප්තව සිදු කරන ලැබීය. ඒ අනුව බද්දේගම හා වඳුරඹ ගම් සභා දෙක 1924 අංක 09 දරණ ආඥා පනත යටතේ සංස්ථාපනය කරන ලද්දේ වර්ෂ 1925 දීය. 1931 වර්ෂයේ සිට ක්‍රියාත්මක ඩොනමෝර් ආණ්ඩුක්‍රම යෝජනා යටතේ ගම් සභා බලතල පුළුල් කළ අතර නියෝජිතයින් තෝරා පත් කර ගැනීමද, ගම් සභා සංඛ්‍යාව තවදුරටත් ව්‍යාප්ත කිරීමද සිදු කර තිබේ. ඒ අනුව 1938 අංක 60 දරණ නව ගම් සභා ආඥා පනතද සම්මත කරගනු ලැබීය. වර්තමාන බද්දේගම ප්‍රාදේශීය සභාවෙන් උප කාර්යාලයක් වන තෙලිකඩ-මාජුවාන ගම් සභාව 1958 දී පිහිටු වීම එම ව්‍යාපෘතියේ ප්‍රතිඑලයකි. වත්මන් ප්‍රාදේශීය සභාව නිර්මාණය වී ඇත්තේ පැරණි බද්දේගම වඳුරඹ හා තෙලිකඩ-මාජුවාන යන ගම් සභා තුන ඒකාබද්ධ කිරීමෙනි.
1973 වර්ෂයේ ජුනි මාසයෙන් පසු ගම් සභාව අහෝසි කරන ලද අතර 1980 අංක 35 දරණ දිස්ත්‍රික් සංවර්ධන සභා පනත යටතේ දිස්ත්‍රික් සංවර්ධන සභා සංස්ථාපනය කරනු ලැබූ අතර එවකට ලංකාවේ ක්‍රියාත්මක වූ සියලුම ගම් සභා හා සුළු නගර සභා ඒ ඒ දිස්ත්‍රික් සංවර්ධන සභාවේ උප කාර්යාල බවට පත්වූහ. බද්දේගම ගම්සභාවද 1980.06.01 දින සිට ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන සභාවේ උප කාර්යාලයක් බවට පත් වූ අතර එම ගම් සභාව කාර්යභාර නිළධාරීවරයෙක් යටතේ ක්‍රියාකරන ලදී. ප්‍රදේශයට අදාළ තීරණ ගනු ලැබුවේ දිස්ත්‍රික් සංවර්ධන සභාව මගිනි.
වර්ෂ 8ක පමණ කාලයක් ක්‍රියාත්මකව පැවති “දිස්ත්‍රික් සංවර්ධන සභා”නමැති ප්‍රාදේශීය පාලන ක්‍රමය 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත ක්‍රියාත්මක කිරීමත් සමඟ 1988.01.01 දින සිට අහෝසි කරනු ලැබීය. එදින සිට ක්‍රියාත්මක වන්නේ ප්‍රාදේශීය සභා නම් පළාත් පාලන ආයතන විශේෂයයි. ඒ යටතේ පෙර පැවති ගම්සභා 03 එනම් බද්දේගම, වඳුරඹ, තෙලිකඩ-මාජුවාන ඒකාබද්ධ කර බද්දේගම ප්‍රාදේශීය සභාව සංස්ථාපනය කරනු ලැබීය. 1987.05.12 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින්මේ ප්‍රාදේශීය සභාවේ සීමාවන්ද ග්‍රාම නිලධාරී කොට්ඨාශ 24 කින් සමන්විත වන බවද නිවේදනය කර ඇත. (වර්තමානයේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 70කි) විශාලත්වය වර්ග කි.මි. 130 කි. ඒ අනුව 1987 වර්ෂයේ සිට අද දක්වා බද්දේගම ප්‍රාදේශීය සභාව පැවත එනු ලබයි.