2026 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම දින දීර්ඝ කිරීම – බද්දේගම ප්‍රාදේශීය සභාව.

2026 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම දින දීර්ඝ කිරීම – බද්දේගම ප්‍රාදේශීය සභාව.

2026 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම දින දීර්ඝ කිරීම – බද්දේගම ප්රාදේශීය සභාව.
බද්දේගම ප්රාදේශීය සභාව විසින් 2026 වර්ෂයට අවශ්ය පහත සඳහන් සැපයුම් හා සේවා වෙනුවෙන් සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2025.11.14 දින දිනමිණ පුවත්පතේ පල කළ දැන්වීමට අනුව අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය 2026.01.14 දින දක්වා දීර්ඝ කළ බැවින් එදින ප.ව. 3.00 දක්වා අයදුම්පත්ර භාරගනු ලැබේ. එක් අයිතමයක් සඳහා ලියාදිංචි ගාස්තු වෙනුවෙන් රු.1000.00 ක් ගෙවිය යුතුය
.
එහි තමන් සපයනු ලබන ද්රව්ය පිළිබඳ විස්තර, විස්තරාත්මකව දැක්විය යුතුය. ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ ”2026 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම ” යනුවෙන් සඳහන් විය යුතු අතර, චෙක්පත් හෝ මුදල් ඇණවුම් ” සභාපති, ප්රාදේශීය සභාව, බද්දේගම ” යන නමට ලියා එම ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ අතින් ගෙනැවිත් භාරදිය යුතුය.
වැඩි විස්තර සඳහා අපගේ www.baddegamaps.lk වෙබ් අඩවිය ඔස්සේ සහ කාර්යාලයට පැමිණ හෝ දුරකතන අංක 091-2292275 අමතා ලබා ගත හැකිය.
සභාපති,
බද්දේගම ප්රාදේශීය සභාව.

January 2nd, 2026