ප්‍රසම්පාදන දැන්වීමයි
බද්දේගම ප්‍රාදේශීය සභාව
බද්දේගම ප්‍රාදේශීය සභාවේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් පහත සඳහන් වැඩ විෂයන් සඳහා 2026-07-15 දින ප.ව 2.00 දක්වා මුද්‍රා තබන ලද ලංසුපත් භාරගනු ලැබේ. එදින එම වේලාවටම එම කාර්යාලයේදී ලංසුකරුවන් ඉදිරියේදී ලංසුපත් විවෘත කරනු ලැබේ. වසරකට වැඩි කාලයක් රාජ්‍ය ආයතනයක සමිතියක් ලෙස ලියාපදිංචි කර ඇති ප්‍රජා පාදක සමිති වලට හා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධනය අධිකාරියේ C-7, C-8, C-9 යටතේ ලියාපදිංචි කොන්ත්රාකරුවන්ට මේ සඳහා අයදුම් කල හැකිය.
• ලංසු ඉදිරිපත් කිරීමට පෙර ස්ථානීය පරීක්ෂණයක් සිදුකරන ලෙසට ලංසුකරුවන්ට මෙයින් උපදෙස් ලබා දෙනු ලැබේ.
02. ලංසුපත් 2026-07-14 වන දින ප.ව 2.00 දක්වා බද්දේගම ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගත හැකිය.
03. ප්‍රසම්පාදනය සම්බන්ධ වැඩි විස්තර සතියේ වැඩ කරන දිනවල සාමාන්‍ය කාර්යාල වේලාවන් හිදී බද්දේගම ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය වෙතින් ලබා ගත හැකිය.
04. ඉදිරිපත් කරනු ලබන ලංසුපත් බහාලන කවරයේ වම්පස උඩ කෙලවරේ කර්මාන්තයේ නම සඳහන් කළ යුතුය. ලංසුපත් පිටපත් දෙකකින් වෙන වෙනම ඉදිරිපත් කළ යුතු අතර එහි මුල් පිටපත සහ අනු පිටපත ලෙස සඳහන් කළ යුතු අතර අවසානයේ එක් කවරයක බහා පහත සඳහන් ලිපිනයට 2026-07-15 වන දින ප.ව 2.00 ට පෙර ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙනවිත් බාරදීම කල යුතුය. ලංසුපත් විවෘත කරන අවස්ථාවේ දී ලංසු ඉදිරිපත් කරන්නන් හෝ ඔහු වෙනුවෙන් බලය පවරන ලද නියෝජිතයකුට හෝ සහභාගී විය හැකිය.
05. ලංසු ඉදිරිපත් කිරීමට පෙර ලංසුපතේ අඩංගු කරුණු පිළිබඳ අවධානය යොමු කරන මෙන් දන්වා සිටිමි.
06. ප්‍රසම්පාදන කමිටුවේ තීරණය අවසාන තීරණය වේ.
ප්‍රසම්පාදන කමිටුවේ සභාපති,
සභාපති,
බද්දේගම ප්‍රාදේශිය සභාව.
දුරකථනය -:091-2292275
E-mail : [email protected]



