බද්දේගම ප්‍රාදේශීය සභා සාහිත්‍ය උළෙල – 2025 *හොඳම සාහිත්‍ය විචාරය සඳහා වන ගණේගම ශ්‍රී සරණංකර නාහිමි අනුස්මරණ සම්මානය*

බද්දේගම ප්‍රාදේශීය සභා සාහිත්‍ය උළෙල – 2025 *හොඳම සාහිත්‍ය විචාරය සඳහා වන ගණේගම ශ්‍රී සරණංකර නාහිමි අනුස්මරණ සම්මානය*

බද්දේගම ප්රාදේශීය සභා සාහිත්ය උළෙල – 2025

*හොඳම සාහිත්ය විචාරය සඳහා වන ගණේගම ශ්රී සරණංකර නාහිමි අනුස්මරණ සම්මානය*

සාහිත්ය විචාර තරගය – විවෘත
(මෙම තරගය විවෘත තරගයක් වන අතර දිවයිනේ ඕනෑම ප්රදේශයක / දිස්ත්රික්කයක පදිංචි ඕනෑම වයස් කාණ්ඩයක අයෙකුට සහභාගී විය හැකිය)
සිංහල භාෂා මාධ්යයෙන් විචාරය සිදු කළ යුතු අතර වචන 1200 ට නොඅඩු 1500 ට නොවැඩි විය යුතුය.

විචාරය සඳහා 2024,2025 දෙවසරෙහි ශ්රීලංකාවේ ප්රමුඛ සම්මාන උළෙලවලදී සම්මානයට පාත්රවුණු හා ප්රශස්තම කෘතීන් ලෙස නම් කළ,

01. නවකතා
02. කෙටිකතා
03. කවි

කෘතීන් අතරින් ඕනෑම කෘතියක් විචාරයට ලක් කළ හැකි අතර එක් අයෙකු එක් විචාරයක් පමණක් ඉදිරිපත් කළ යුතුය.

එහිදී,

©️ විචාර සිද්ධාන්ත පිළිබඳ අවබෝධය.
©️ සමකාලීන සාහිත්ය ප්රවණතා පිළිබඳ අවබෝධය.
©️ සමාජ හා දේශපාලන දෘෂ්ටිය.
©️ භාෂාව හා ආඛ්යාන උපාය මාර්ග.
©️ කෘතිය දෙස නව දෘෂ්ටිකෝණයකින් බැලීම.

යන කරුණු විනිශ්චයට ලක්කෙරෙනු ඇත.

හොඳම සාහිත්ය විචාරය සඳහා වන ගණේගම ශ්රී සරණංකර නාහිමි අනුස්මරණ සම්මානය සහ ත්යාගය පිරිනැමෙන අතර ප්රශස්තම විචාර 10ක් සඳහා ත්යාග සහ සහතික පත් පිරිනැමෙනු ඇත.

එවනු ලබන විචාර පිළිගත් ඇගැයුම් මණ්ඩලයක් විසින් විනිශ්චයට ලක් කෙරෙන අතර තෝරා ගන්නා ජයග්රාහකයින්ට වසර අවසානයේ පැවැත්වෙන බද්දේගම ප්රාදේශීය සභා සාහිත්ය උළෙලේදී සම්මාන, ත්යාග සහ සහතික පත් පිරිනැමෙනු ඇත.

ඔබේ විචාරය, විචාර 2025 දෙසැම්බර් 03 දින හෝ ඊට පෙර ලැබෙන පරිදි,

සාහිත්ය විචාර තරගය,
ප්රාදේශීය සභා සාහිත්ය උළෙල,
මහජන පුස්තකාලය,
ප්රාදේශීය සභාව,
බද්දේගම.
යන ලිපිනයට හෝ,

[email protected] ඊමේල් ලිපිනයට හෝ, 0777975792/0769442231 වට්ස්ඇප් අංකවලට යොමු කළ යුතුය.

වැඩි විස්තර සඳහා,
0912292471/ 0769442231/ 0777975792
යන දුරකථන අංකවලට අමතන්න.

November 6th, 2025