ගැලරිය

බද්දේගම ප්‍රාදේශීය සභා මහජන පුස්තකාල මඟින් සංවිධානය කරන ලද 2024 වර්ෂයේ බද්දේගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමතුන් ඇගයීමේ වැඩසටහන, අද දින (2025 ඔක්තෝබර් 09 වැනිදා) දකුණු පළාත් ගරු ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බද්දේගම නගර ශාලාවේදී පවත්වන ලදී. මෙහිදී, 2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් දරු දැරියන් 210 දෙනෙකු සඳහා සම්මාන සහ සහතිකපත් ප්‍රදානය සිදු කරන ලද අතර, විශේෂ ජයග්‍රහණ හිමිකරගත් බද්දේගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දරුවන් 04 දෙනෙකු ඇගයීමද සිදුවිය. මෙම අවස්ථාව සඳහා, පූජ්‍ය ධම්මවංශ හිමි, ආණ්ඩුකාර මාධ්‍ය ලේකම්තුමන්, පළාත් පාලන සහකාර කොමසාරිස් අවංකා මුදලිගේ මැතිණිය, බද්දේගම ප්‍රාදේශීය සභා ගරු සභාපති ලලිත් සේනානායක මැතිතුමා, ගරු උප සභාපති සමන් සී ලියනගේ මැතිතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලය, බද්දේගම හා වදුරඹ ප්‍රාදේශීය ලේකම්තුමියන්ලා සහ බල ප්‍රදේශයේ පාසල්වල විදුහල්පතිවරුන් සහ දෙමාපියන් සහභාගී විය.

Read More

1 2 3