
ප්‍රසම්පාදන දැන්වීමයි
බද්දේගම ප්‍රාදේශීය සභාව
බද්දේගම ප්‍රාදේශීය සභාවේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් පහත සදහන් වැඩ විෂයයන් සඳහා 2026.08.18 දින ප.ව.2.00 දක්වා මුද්‍රා තබන ලද ලංසුපත් භාරගනු ලැබේ. එදින එම වේලාවටම එම කාර්යාලයේදී ලංසු කරුවන් ඉදිරියේදී ලංසුපත් විවෘත කරනු ලැබේ.
01. බද්දේගම ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයේ පළමු මහලේ ඉතිරි වැඩ අවසන් කිරීම.
• බිම් මහලේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යන බැවින් ලංසු ඉදිරිපත් කිරීමට පෙර යෝජිත ඉදිකිරීම් ව්‍යාපෘතිය පිලිබදව අවබෝධයක් ලබාගැනීම සදහා ස්ථානීය පරීක්ෂණයක් සිදුකරන ලෙසට ලංසුකරුවන්ට මෙයින් උපදෙස් ලබා දෙනු ලැබේ.
02. ලංසුපත් 2026.08.17 දින ප.ව 2.00 දක්වා බද්දේගම ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගත හැකිය.
03. පුර්ව ලංසු රැස්වීම 2026.08.10 දින පෙ.ව. 10.00 ට බද්දේගම ප්‍රාදේශිය සභාවේදී පැවැත්වේ.
04. ප්‍රසම්පාදන කමිටුවේ තීරණය අවසාන තීරණය වේ.
2026.08.05
ප්‍රසම්පාදන කමිටුවේ සභාපති,
සභාපති,
බද්දේගම ප්‍රාදේශීය සභාව.
දුරකථනය : 091-229227


