බද්දේගම ප්රාදේශීය සභාව සතු පහත උප ලේඛනයේ සඳහන් කඩ කාමර දීර්ඝ කාලීන බදු ක්රමය යටතේ මස්, මාළු, රට බීම හැර වෙනත් වෙළඳාම් සඳහා බදු දීමට ටෙන්ඩර් කැඳවනු ලැබේ.
ටෙන්ඩර් අයදුම්පත්ර සඳහා 2,000.00 ක ආපසු නොගෙවන ටෙන්ඩර් පෝරම ගාස්තුවක් හා රු. 3,000.00 ක ආපසු ගෙවන ඇප තැන්පතුවක් ගෙවා අයදුම්පත්රය ලබාගත යුතුය.
ටෙන්ඩර් කොන්දේසිවලට එකඟව සම්පූර්ණ කරන ලද ටෙන්ඩර් පෝරම, “සභාපති, ප්රාදේශීය සභාව, බද්දේගම” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ අතින් ගෙනවිත් ප්රධාන කාර්යාලයේ ටෙන්ඩර් පෙට්ටියට බහාලීම කළ යුතුය.
සියලුම ටෙන්ඩර් පිළිබඳ අවසාන තීරණය ප්රසම්පාදන කමිටුව සතු වේ.
වැඩි විස්තර සහ අයදුම්පත්, කර්යාල වේලාවන්හිදී බද්දේගම ප්රාදේශීය සභා ප්රධාන කාර්යාලයෙන් හා වදුරඹ, තෙලිකඩ – මාජුවාන උප කාර්යාල වලින් ලබාගත හැකිය.
සභාපති,
ප්රසම්පාදන කමිටුව,
බද්දේගම ප්රාදේශීය සභාව.
2026.02.06
දු. අංක 0912292275



