1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත අනුව ,1988 ජනවාරි පළමු වන දින ස්ථාපිත කරන ලද බද්දේගම ප්‍රාදේශීය සභාව ,වර්ෂ 32 ක් මුළුල්ලේ අඛණ්ඩව ,වර්ග කි.මී.112 ක වපසරියක ජීවත් වන ජනතාවගේ සේවා අවශ්‍යතා සපුරාලමින් සිටී. පළාත් පාලන ආයතනයක් ලෙස බද්දේගම ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයත් වදුරඹ හා තෙලිකඩ මාජුවාන උප කාර්යාල දෙකත් කේන්ද්‍රකර ගනිමින් පුස්තකාල පහසුකම් නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලා පහසුකම් , ආදාහනාගාර සේවා, ගලිබවුසර් සේවා, ජල පහසුකම් සැපයීමේ සේවා හා ගිනි නිවීමේ පහසුකම් ඇතුළුව වීථි ආලෝක කිරීම් ආදී සේවාවන් මඟින් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම උදෙසා විශාල කාර්ය භාරයක් ඉටුකරන බව සතුටින් සිහිපත් කරමි.
ලේකම්,
වී.සී.කේ. ජාගොඩ.
බද්දේගම ප්‍රාදේශීය සභාව.