
බද්දේගම ප්‍රාදේශීය සභාවේ වෙබ් පිටුව තුලින් ඔබ අමතන්නට ලැබීම ඉමහත් භාග්‍යයක් වන අතර ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස මා ජයග්‍රහණය කරවීම පිළිබදව බද්දේගම පුරවැසි ඔබ සැමට මාගේ කෘතඥතාවය ප්‍රකාශ කර සිටිමි.
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් යන තේමාව යටතේ බද්දේගම ප්‍රාදේශීය සභා බල සීමාව තුල වෙසෙන සමස්ථ ජනයා හට නිදහස් නිවහල් මෙන්ම සන්තුෂ්ඨිමත් හා සෞභාග්‍යමත් දිවිපෙවෙතක් ඇතිකරලීම වස් ගෙනයන උදාර මෙහෙවරෙහි ඉදිරි ගමන් අරඹා දැනටමත් ක්‍රියාවට නංවා ඇති බව මහත් අභිමානයෙන් සදහන් කර සිටිමි.
වේගවත් ආර්ථික සංවර්ධනයක් කරා හඹායමින් බලප්‍රදේශය තුල සමස්ථ ජනතාවගේ අවශ්‍යතා ඉටුකරලීම පිණිස රජයේ ආධාර, පළාත් සභා ආධාර හා රාජ්‍ය නොවන සංවිධාන ඔස්සේ ප්‍රතිපාදන ලබාගැනීමේ හා නව ආදායම් උත්පාදනය කර ගැනීම සදහා දීර්ඝකාලීන හා මධ්‍යකාලීන සැලසුම් සකස් කර ඇත.
පළාත් පාලන ආයතනයක් ලෙස බද්දේගම ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයත් වදුරඹ හා තෙලිකඩ මාජුවාන උප කාර්යාල දෙකත් කේන්ද්‍රකර ගනිමින් පුස්තකාල පහසුකම් නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලා පහසුකම්, ආදාහනාගාර සේවා, ගලිබවුසර් සේවා, ජල පහසුකම් සැපයීමේ සේවා සැපයීම තුලින් සමස්ථ ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම උදෙසා විශාල කාර්ය භාරයක් ඉටුකරන බව සතුටින් සිහිපත් කරමි.
කොට්ඨාශ මට්ටමින් සංවර්ධන කටයුතු සදහා එක් කොට්ඨාශයකට රු. 1,500,000.00 ක මුදලක් වෙන්කර ඇති අතර ප්‍රාදේශීය සභාවක් විසින් ආවරණය කලයුතු සියලු සේවා ක්ෂේත්‍ර ආවරණය වන පරිදි එම මුදල් වැය කිරීමට සැලසුම් සකස් කර ඇත.
මෙම සංවර්ධන කටයුතු ඉටුකරමින් දිවයිනේ විශිෂ්ඨතම ප්‍රාදේශීය සභාව බවට පත්වීමේ දැක්ම නුදුරු අනාගතයේදීම සාක්ෂාත් කර ගැනීම උදෙසා ඔබ සැමගේ නිරන්තර සහයෝගය අපේක්ෂා කරන අතර, ලගාකරගත යුතු ඉලක්ක හා අරමුණු ලගාකර ගැනීම සදහා අපගේ කාර්යක්ෂම සේවය ඔබ හට ලබාදීමට බලාපොරොත්තු වෙමි.
ලලිත් සේනානායක,
සභාපති,
බද්දේගම ප්‍රාදේශීය සභාව.

