බද්දේගම ප්‍රාදේශීය සභා සාහිත්‍ය උළෙල – 2025 *හොඳම සාහිත්‍ය විචාරය සඳහා වන ගණේගම ශ්‍රී සරණංකර නාහිමි අනුස්මරණ සම්මානය*

බද්දේගම ප්‍රාදේශීය සභා සාහිත්‍ය උළෙල – 2025 *හොඳම සාහිත්‍ය විචාරය සඳහා වන ගණේගම ශ්‍රී සරණංකර නාහිමි අනුස්මරණ සම්මානය*සාහිත්‍ය විචාර තරගය – විවෘත(මෙම තරගය විවෘත තරගයක් වන අතර දිවයිනේ ඕනෑම ප්‍රදේශයක / දිස්ත්‍රික්කයක පදිංචි ඕනෑම වයස් කාණ්ඩයක අයෙකුට සහභාගී විය හැකිය)සිංහල භාෂා මාධ්‍යයෙන් විචාරය සිදු කළ යුතු අතර වචන 1200 ට නොඅඩු 1500 ට නොවැඩි විය… Continue reading බද්දේගම ප්‍රාදේශීය සභා සාහිත්‍ය උළෙල – 2025 *හොඳම සාහිත්‍ය විචාරය සඳහා වන ගණේගම ශ්‍රී සරණංකර නාහිමි අනුස්මරණ සම්මානය*

බද්දේගම ප්‍රාදේශීය සභාව මඟින් පාලනය වන “බත්දුන්පුර රසවාඩිය” මගින් පාරිභෝගික ඔබට ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා ඔබගේ අදහස්, යෝජනා හා පැමිණිලි අප වෙත ලබාදෙන්න. අපගේ අරමුණ, රසවාඩිය නිරන්තරයෙන් වැඩිදියුණු කරමින් පාරිභෝගික ඔබට ඉහළම සේවාවක් ලබාදීමයි. එබැවින් ඔබගේ, ✅ අදහස් ✅ යෝජනා ✅ සහ පැමිණිලි 👉 සෘජුවම අප වෙත ලබාදෙන්න. 📌 ඔබ කළ යුත්තේ,පහත QR කේතය Scan කිරීම 📲

කාරුණික දැනුම්දීමයි…!!! බද්දේගම ආදාහනාගාරය අද සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව කාරුණිකව දැනුම් දෙමි. ආදාහන සිදු කරන වේලාවන්, ප.ව. 2.00 ප.ව. 4.00 ප.ව. 6.00 වෙන් කිරීම් සඳහා – 0912292275 ලේකම්, බද්දේගම ප්‍රාදේශීය සභාව. 2025.10.10

🎓✨ ශිෂ්‍යත්ව සමතුන් ඇඟයීමේ වැඩසටහන – 2025 ✨🎓 බද්දේගම ප්‍රාදේශීය සභා මහජන පුස්තකාල මඟින් සංවිධානය කරනු ලබන ශිෂ්‍යත්ව සමතුන් ඇගයීමේ වැඩසටහන, 2025 ඔක්තෝබර් 09 වැනිදා පෙ.ව. 9.30ට බද්දේගම නගර ශාලාවේදී දකුණු පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 👩‍🏫👨‍🏫📚

🌏✨ 2025 ලෝක ළමා දින සැමරුම ✨🌏 📅 දිනය : 2025 ඔක්තෝබර් මස 03 වනදා 🕣 වේලාව : පෙ.ව. 8.30 සිට 📍 ස්ථානය : බද්දේගම කුඹුක් සෙවන උද්‍යානය 👧👦 ප්‍රදේශයේ පෙර පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙන්, විනෝදාත්මක වැඩසටහන් හා ක්‍රීඩා අංගයන් සමගින්….. 💐 ඔබ සැමට කෙරෙන ගෞරවනීය ආරාධනයයි 💐

2025 ලෝක ළමා දිනයට සහ වැඩිහිටි දිනයට අපගෙන් සුබ පැතුම්…!!! 💐💐 අනාගතයට පිය නගමින් පිපෙන්නට වෙර දරන මල් කැකුළුත්, අනාගත ලොව ගොඩ නැගුමට දහඩිය හෙලා සැදෑ සමය ගෙවනා වැඩිහිටි ප්‍රජාවත් ආදරයෙන් රැක බලා ගනිමු…🌍👧👦✨❤️ සභාපති, උප සභාපති, මන්ත්‍රී මණ්ඩලය ඇතුළු කාර්‍ය් මණ්ඩලය.