බද්දේගම ප්‍රාදේශීය සභාව වරිපනම් බදු ගෙවීම – 2026 වරිපනම් බදු ගෙවීම සදහා ඔබගේ පහසුව වෙනුවෙන් බද්දේගම ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලය හෙට (17) සෙනසුරාදා දින පෙ.ව 9.30 සිට ප.ව 3.00 දක්වා විවෘතව ඇත. 2026 වර්ෂයට අදාල වරිපනම් බදු ජනවාරි 31 දිනට පෙර ගෙවා 10% ක වට්ටමක් ලබා ගන්න.

බද්දේගම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ලලිත් සේනානායක මැතිතුමාගේ පූර්ණ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ ප්‍රාදේශීය සභා ගරු මන්ත්‍රීවරුන්ගේ සම්බන්ධීකරණයෙන් හා ප්‍රදේශයේ ප්‍රජා මූල සංවිධාන වල සහභාගීත්වයෙන් පවත්වනු ලබන ‘’කසළ පොළ’’ වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන හල්පාතොට කොට්ඨාසයේ 2026.01.17 දින, එනම් හෙට දින පෙ.ව 9.00 සිට ප.ව 12.30 දක්වා පවත්වනු ලැබේ.

වරිපනම් බදු ගෙවීම – 2026 වර්ෂය බද්දේගම ප්‍රාදේශීය සභාව.

{"remix_data":[],"remix_entry_point":"challenges","source_tags":["local"],"origin":"unknown","total_draw_time":0,"total_draw_actions":0,"layers_used":0,"brushes_used":0,"photos_added":0,"total_editor_actions":{},"tools_used":{},"is_sticker":false,"edited_since_last_sticker_save":false,"containsFTESticker":false}

2026 වර්ෂයට අදාළ වරිපනම් බදු ජනවාරි 31 දිනට පෙර ගෙවා 10% ක වට්ටමක් හිමිකර ගන්න… සෑම කාර්තුවකම මුල් මාසය තුළ වරිපනම් බදු ගෙවීමේදී 5% ක වට්ටමක් ලැබෙන අතර, කාර්තුවට අදාළ වරිපනම් බදු නොගෙවන හිස් බිම් හා වාසස්ථාන සඳහා 15% ක වරෙන්තු ගාස්තුවක් ද, අනෙකුත් දේපළ වෙනුවෙන් 20% ක වරෙන්තු ගාස්තුවක් ද අය කරන බව කරුණාවෙන්… Continue reading වරිපනම් බදු ගෙවීම – 2026 වර්ෂය බද්දේගම ප්‍රාදේශීය සභාව.

2026 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම දින දීර්ඝ කිරීම – බද්දේගම ප්‍රාදේශීය සභාව.

2026 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම දින දීර්ඝ කිරීම – බද්දේගම ප්‍රාදේශීය සභාව. බද්දේගම ප්‍රාදේශීය සභාව විසින් 2026 වර්ෂයට අවශ්‍ය පහත සඳහන් සැපයුම් හා සේවා වෙනුවෙන් සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2025.11.14 දින දිනමිණ පුවත්පතේ පල කළ දැන්වීමට අනුව අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය 2026.01.14 දින දක්වා දීර්ඝ කළ බැවින් එදින ප.ව. 3.00 දක්වා අයදුම්පත්‍ර භාරගනු ලැබේ.… Continue reading 2026 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම දින දීර්ඝ කිරීම – බද්දේගම ප්‍රාදේශීය සභාව.

මිළ ගණන් කැදවීම-බද්දේගම ප්‍රාදේශීය සභාව බද්දේගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි සභාව සතු මාර්ග දෙපස තණ කොල හා ගස්වල අතු කපා සුද්ධ කිරීම සදහා වූ මිල ගණන් කැදවනු ලැබේ.

බද්දේගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි සභාව   සතු මාර්ග දෙපස තණ කොල හා ගස්වල අතු කපා සුද්ධ  කිරීම සදහා වූ මිල ගණන් මා විසින් කැදවනු ලැබේ. මේ සමග ඉදිරිපත් කරන පහත සදහන් අයදුම්පත්‍රයට අදාලව ඔබගේ මිල ගණන් පිළිබද විස්තර 2026.01.06 දිනට පෙර “සභාපති,බද්දේගම ප්‍රාදේශීය සභාව,බද්දේගම”යන ලිපිනයට තැපැල් මගින් හෝ අතින් ගෙනවිත් භාරදෙන ලෙස කාරුණිකව… Continue reading මිළ ගණන් කැදවීම-බද්දේගම ප්‍රාදේශීය සභාව බද්දේගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි සභාව සතු මාර්ග දෙපස තණ කොල හා ගස්වල අතු කපා සුද්ධ කිරීම සදහා වූ මිල ගණන් කැදවනු ලැබේ.

බද්දේගම ප්‍රාදේශීය සභා සාහිත්‍ය උළෙල – 2025 *හොඳම සාහිත්‍ය විචාරය සඳහා වන ගණේගම ශ්‍රී සරණංකර නාහිමි අනුස්මරණ සම්මානය*

බද්දේගම ප්‍රාදේශීය සභා සාහිත්‍ය උළෙල – 2025 *හොඳම සාහිත්‍ය විචාරය සඳහා වන ගණේගම ශ්‍රී සරණංකර නාහිමි අනුස්මරණ සම්මානය*සාහිත්‍ය විචාර තරගය – විවෘත(මෙම තරගය විවෘත තරගයක් වන අතර දිවයිනේ ඕනෑම ප්‍රදේශයක / දිස්ත්‍රික්කයක පදිංචි ඕනෑම වයස් කාණ්ඩයක අයෙකුට සහභාගී විය හැකිය)සිංහල භාෂා මාධ්‍යයෙන් විචාරය සිදු කළ යුතු අතර වචන 1200 ට නොඅඩු 1500 ට නොවැඩි විය… Continue reading බද්දේගම ප්‍රාදේශීය සභා සාහිත්‍ය උළෙල – 2025 *හොඳම සාහිත්‍ය විචාරය සඳහා වන ගණේගම ශ්‍රී සරණංකර නාහිමි අනුස්මරණ සම්මානය*

බද්දේගම ප්‍රාදේශීය සභාව මඟින් පාලනය වන “බත්දුන්පුර රසවාඩිය” මගින් පාරිභෝගික ඔබට ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා ඔබගේ අදහස්, යෝජනා හා පැමිණිලි අප වෙත ලබාදෙන්න. අපගේ අරමුණ, රසවාඩිය නිරන්තරයෙන් වැඩිදියුණු කරමින් පාරිභෝගික ඔබට ඉහළම සේවාවක් ලබාදීමයි. එබැවින් ඔබගේ, ✅ අදහස් ✅ යෝජනා ✅ සහ පැමිණිලි 👉 සෘජුවම අප වෙත ලබාදෙන්න. 📌 ඔබ කළ යුත්තේ,පහත QR කේතය Scan කිරීම 📲