පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා දීම

පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා දීම

පාරිසරික ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීමේ ක්‍රියා පටිපාටිය විධිමත් ලෙස ඉටු කිරීම සඳහා අංක 1534/18 දරණ 2018.02.01 දිනැති ගැසට් පත්‍රය, අංක 1533/16 සහ 2008.01.25 දිනැති ගැසට් පත්‍රය සහ අංක 924/12 හා 1996.05.23 දිනැති ගැසට් පත්‍රය  අඩංගු රෙගුලාසි සහ 2000 අංක 53 හා 1988 අංක 56 දරණ පනත් වලින් සංශෝධිත වර්ෂ 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ විධිවිධාන වලට අනුකූලව සිදුකළ යුතු වේ.

  • බලපත්‍ර ලබා ගැනීම සඳහා
  1. නව අයදුම්පත්‍රයක් මඟින් අයදුම් කිරීම.
  2. මේ වන විටත් ලබා ගෙන ඇති බලපත්‍රය අලුත් කිරීම. (ලබා ගත් බලපත්‍රය අවලංගු වීමට මාස 03කට ප්‍රථම අලුත් කිරීම සිදු කළ යුතුය. එසේ බලපත්‍රය අවලංගු වීමට ප්‍රථම අලුත් කර නොගත් බලපත්‍ර සදහා නැවත නව අයදුම්පත්‍රයක් මඟින් ක්ෂේත්‍ර පරීක්ෂණයකට (පරීක්ෂණ ගාස්තු සහිතව) යටත්ව අයදුම් කිරීමට සිදු වනු ඇත.