ප්‍රාදේශීය සභාවක් විසින් සිය බල ප්‍රදේශය තුල පිහිටි සියලු ඉදිකිරීමේ ක්‍රියාකාරකම් පාලනය හා නියාමනය කරයි. ඒ අනුව බද්දේගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල ඉදි කිරීම් ක්‍රියාකාරකම්වල යෙදෙන සියලුම පුද්ගලයින් මෙම ප්‍රාදේශීය සභාවෙන් බලපත්‍රයක් ලබා ගත යුතුය.
1915 අංක 19 දරණ නිවස සහ නගර සංවර්ධන ආඥා පනත හා 1956 අංක 26 දරණ පනතින් සංශෝධිත වූ නිවාස සහ නගර සංවර්ධන ආඥා පනතේ 268 වැනි පරිච්ඡේදය 5 සහ 6 (1) වැනි වගන්ති වලින් නියමිතව ඇති පරිදි සහ නාගරික සංවර්ධන අධිකාරියේ 1982 අංක 04 දරණ පනතින් සංශෝධිත 1978 අංක 41 දරණ පනතේ 8 (චී) පරිදි සහ 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ III කොටස් 21 (2) වැනි වගන්තියෙන් නියම වී ඇති පරිදි බද්දේගම ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලබාගත යුතුය.
ගොඩනැගිලි සැලැස්මක් අනුමත කරවා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන
- ගොඩනැගිලි අයදුම් පත්‍රයක් රු. 750.00 ක මුදල් ගෙවා ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් ලබා ගත යුතුය
- ගොඩනැගිලි සැලැස්මේ පිටපත් 03 ක්
(Blue Print හෝ තනි කොළයට ගන්නා ලද ඡායා පිටපත් ගෘහ නිර්මාණ ශිල්පියා විසින් අත්සන් කොට නිල මුද්‍රාව තැබිය යුතු අතර, අදාළ ඉඩමේ ඔප්පුවේ නම සඳහන් පුද්ගලයා විසින් ද අත්සන් කළ යුතුය)
- අනුමත කරන ලද ඉඩමේ මිනින්දෝරු පිඹුරේ ඡායා පිටපතක් (එම ප්‍රමාණයෙන්ම)
- අදාළ ඉඩමේ ඔප්පුවේ ඡායා පිටපතක්
- යම් මාර්ගයක ගොඩනැගිලි සීමාව තුළ ඉදිකිරීම් කරනු ලබයි නම්, එම මාර්ගය අයත් අධිකාරිය සමඟ අත්සන් කරන ලද නිර්වන්දි ගිවිසුම.
- ගොඩනැගිලි සැලසුමෙහි ගෘහ නිර්මාණ ශිල්පියා විසින් සුදුසුකම් ලත් පුද්ගලයා යන ස්ථානයේ සහතික කළ යුතුය.
සැ.යු.
- ගොඩනැගිලි සැලැස්ම වර්ග අඩි 3000 ඉක්මවන සැලැස්මක් නම් ඒකක 02 වශයෙන් සැලසුම් විය යුතුය. එය සැලැස්මේ පැහැදිලිව වර්ණ දෙකකින් දැක්විය යුතුය.
- අදාළ ඉඩමේ මායිමට ගොඩනැගිලි සැලැස්මේ යම් බිත්තියක් සැලසුම් වේ නම් සහ ගොඩනැගිල්ලේ වර්ග ඵලය වර්ග අඩි 3000 ඉක්මවා යයි නම් වරලත් ව්‍යුහ ඉංජිනේරුවරයෙකු විසින් අත්තිවාරම සහ එහි ඉදිකිරීම් පිළිබඳව සහතික කළ යුතුය.
අනුකූලතා සහතිකය
අනුකූලතා සහතිකයක් යනු නිවසක් ඉදිකිරීම සඳහා සැලැස්මක් අනුමත කර, එම අනුමත කරන ලද සැලසුම පරිදි නිවස සාදා අවසන් වීමෙන් පසුව එම නිවසේ පදිංචිය සඳහා යෝග්‍ය බවට ප්‍රාදේශීය සභාව විසින් දෙනු ලබන සහතිකයයි. එම සහතිකය නිකුත් කිරිම සඳහා ඉදිකර ඇති ගොඩනැගිල්ල අනුමත සැලැස්මට අනුකූලව තිබිය යුතුය.
අවශ්‍ය ලිපි ලේඛන
- අයදුම්කරුවන් විසින් කරන ලද ඉල්ලීම් ලිපිය
- අනුමත කරන ලද ගොඩනැගිලි සැලැස්මේ ඡායා පිටපතක්
සැ.යු.
- අයදුම්කරුවන් විසින් අනුකූලතා සහතිකය ලබාගන්නා දින තෙක් ගොඩනැගිලි සැලසුමේ කාලය දීර්ඝ කර තිබිය යුතුයි.
- අනුමත සැලැස්ම පරිදිම ගොඩනැගිල්ල ඉදිකර තිබිය යුතුය.
- අනුමත සැලසුමට පටහැනිව සිදු කරනු ලබන ගොඩනැගිලි වල අනුකූලතා සහතිකය ලබා ගැනීමේ දී සත්‍ය වශයෙන්ම ඉදිකර ඇති ගොඩනැගිල්ලේ සංශෝධිත සැලසුම අනුමත කරවා ගැනීමෙන් අනතුරුව එම සැලසුම සඳහා අනුකූලතා සහතිකය ලබා ගත යුතුය.