ඝන අපද්‍රව්‍ය කළමනාකරණය

ඝන අපද්‍රව්‍ය කළමනාකරණය

අප ප්‍රාදේශීය සභාව මගින් සතියේ දිනකට ටොන් 1.5 ක් පමණ කසල එකතු කිරීම සිදු කරනු ලබයි. මාසිකව දිරන කසල ටොන් 50 පමණ ප්‍රමාණයක් එකතු කරනු ලබයි. එම කසල වෙන් කර මහජනතාවගෙන් ලබාගනු ලබයි. වර්ග කිලෝමිටර 112.8 කින් සමන්විත බද්දේගම  ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ කසළ කලමනාකරණ ව්‍යාපෘතිය අක්කර 02 රූඩ් 03 පර්චස් 26.4ක විවෘත භුමි ප්‍රමාණයක් සහිත  බද්දේගම මාකුරුගොඩ වත්තේ පිහිටි කොම්පෝස්ට් අංගනය තුළ දැනට  ක්‍රියාත්මක කෙරේ. මෙම ඉඩමෙහි අක්කර 02 රූඩ් 03 පර්චස් 26.4ක විවෘත භුමි ප්‍රමාණයක් කසල කලමනාකරණ ව්‍යාපෘතිය සදහා දැනට භාවිතා කරනු ලැබේ. මෙම ව්‍යාපෘතිය තුළින් වරිපනම් ගෙවන බද්දේගම ප්‍රදේශයේ නිවාස ,ව්‍යාපාරික ස්ථාන,රාජ්‍ය ආයතන සහ රෝහල් වලින් බැහැර කරනු ලබන   කසල  සහ හා වදුරඹ නාගරික සීමාවේ නිවාස ,ව්‍යාපාරික ස්ථාන,රාජ්‍ය ආයතන සහ රෝහල් බැහැර කරනු ලබන   කසල  ට්‍රැක්ටර් රථ 2 ක් යොදා ගනිමින් එක් රැස් කරනු ලැබේ. සමස්තයක් ලෙස ගත් කල  කුටුම්භ , ව්‍යාපාරික ස්ථාන ,ආයතන  ඇතුළුව  ස්ථාන 500 ක පමණ එසේ එක් රැස් කරනු ලබන මෙම කසළ දිරන කසළ සහ නොදිරන කසළ ලෙස වර්ග කර සේවක මහතුන් ලබා ගැනීමට කටයුතු කරනු ලැබේ. ඒ අනුව, එම ව්‍යාපෘතියේ අරමුණු පහත පරිදි පෙන්වා දිය හැකිය.

    1. 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතින් පැවරී ඇති නීතිමය කාර්යභාරය ඉටු කිරීම.
    2. බල ප්‍රදේශයේ ජනනය වන අපද්‍රව්‍ය නිසි කළමනාකාරීත්වයකින් විධිමත් පරිදි එක්රැස් කිරීම හා බැහැර කිරීම.
    3. බල ප්‍රදේශයේ පරිසරය පිරිසිදුව හා ආකර්ශනීයව පවත්වාගෙන යාම.
    4. කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීම සහ එමඟින් බල ප්‍රදේශයේ බෝග වගාවන් සඳහා යොදා ගැනීම.
    5. කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය තුළින් ආදායම් උත්පාදනය කිරීම.
    6. බලප්‍රදේශයේ බෝවන රෝග ව්‍යාප්තිය වැලැක්වීම.
    7. කසළ ජනනය පාලනය කිරීම හා විධිමත් කිරීම.