2025 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම
බද්දේගම ප්‍රාදේශීය සභාව විසින් 2025 වර්ෂයට අවශ්‍ය පහත සඳහත් සැපයුම් හා සේවා වෙනුවෙන් සැපයුම්කරුවන් ලියාපදිංචි කිරිම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. එකී අයදුම්පත් 2024.12.31 දින ප.ව. 3.00 දක්වා භාරගනු ලැබේ. එක් අයිතමයක් සඳහා ලියාපදිංචි ගාස්තු වෙනුවෙන් රු.1,000.00 ක් ගෙවිය යුතුය.එහි තමත් සපයනු ලබන ද්‍රව්‍ය පිළිබඳ විස්තර විස්තරාත්මකව දැක්විය යුතුය. ලියුම් කවරයේ වම් පස ඉහළ කෙළවරේ " 2025 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම '' යනුවෙන් සඳහන් විය යුතු අතර, චෙක්පත් හෝ මුදල් ඇණවුම් "සභාපති, ප්‍රාදේශීය සභාව, බද්දේගම " යන නමට ලියා එම ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ අතිත් ගෙනැවිත් භාර දිය යුතුය. වැඩි විස්තර කාර්යාලයට පැමිණ හෝ 091-2292275 දුරකථන අංකයට අමතා ලබාගත හැක.