තොරතුරු ලබාගැනීමට ඉල්ලුම් කිරීම.

  1. තොරතුරු ලබා ගැනීමට ලිඛිත RTI -01 අයදුම්පත්‍රය හෝ ලිපියක් වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත කර එය ලැබුණු බවට ලිපියක් ලබාගන්න.
  2. ඔබේ ඉල්ලීමට අදාල තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනින්, කෙසේ වුවද දින 14 ක් තුළ දන්වනු ලැබේ.
  3. ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභාව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය දන්වා එවනු ඇත. තොරතුරු ලබාගැනීමට ගෙවීමක් කළයුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14 ක් තුළ ‍තොරතුරු ලබාදෙනු ඇත.
  4. ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් තුළ තොරතුරු ලබාදීම අපහසුවේ නම් තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇත.
  5. තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම් යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48 ක් තුල සිදුකරනු ඇත.

තොරතුරු නිලධාරීන්

ජී. ඒ. ඩී ජයමාලි

ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී (තොරතුරු නිලධාරී)

0912292275

වී. සී. කේ. ජාගොඩ

ලේකම් (අභියාචනා නිලධාරී)

0912292275