හැඳින්වීම

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත අනුව, 1988 ජනවාරි පළමු දින ස්ථාපිත කරන ලද බද්දේගම ප්‍රාදේශීය සභාව, වර්ෂ 32 ක් මුළුල්ලේ අඛණ්ඩව, වර්ග කි.මි.112 ක වපසරියක ජීවත් වන ජනතාවගේ සේවා අවශ්‍යතා සපුරාලමින් සිටී.
ග්‍රාම නිළධාරී වසම් 70 ම ආවරණය වන පරිදි බෙදා වෙන් කරන ලද කොට්ඨාශ 19 නියෝජනය කරමින් පත් කර ගැනීමට නියමිත මහජන නියෝජිතයින්ගෙන් හා ස්ථිර කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ.

පොදු පරිපාලනය, සෞඛ්‍ය සේවා, භෞතික සැලසුම් මංමාවත් ඉඩම් හා ගොඩනැගිලි, වෙනත් පොදු උපයෝගීතා සේවා පහසුකම් වැඩසටහන් ඔස්සේ ක්‍රියාත්මක වේ. බද්දේගම ප්‍රාදේශීය සභාවේ දැක්ම හා මෙහෙවර සාක්ෂාත් කර ගැනීම අපගේ අරමුණයි.

බද්දේගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළින් සෘජුවම ලබා ගන්නා ආදායමෙන් හා පළාත් සභාවෙන්, රජයෙන් හා වෙනත් මූලාශ්‍ර මගින් ලැබෙන මූල්‍යමය ප්‍රතිපාදන මගින් නිමවෙන වාර්ෂික පුනරාවර්තන හා ප්‍රාග්ධන ආදායම පොදු පරිපාලනය, සෞඛ්‍ය සේවා, භෞතික සැලැසුම් මංමාවත් ඉඩම් හා ගොඩනැගිලි, වෙනත් පොදු උපයෝගීතා සේවා හා සුබසාධක සේවා පහසුකම් යන වැඩසටහන් ඔස්සේ බල ප්‍රදේශය තුල ජීවත් වන සමස්ථ ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දකුණු පළාතේ බද්දේගම ප්‍රාදේශීය සභාවේ පුරවැසි ප්‍රඥප්තිය

අපගේ කැපවීම

අප බල ප්‍රදේශය තුළ සංවර්ධන හා සේවා සැපයීම් කාර්යයන් වලදී මහජන අවශ්‍යතාවයන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින්, ජනතාවාදීව, ආචාරශීලීව, අපක්ෂපාතීව, වගකීමෙන් මෙන්ම කාර්යක්ෂමව සහ 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ විධිවිධානයන්ට අනුකූලව විශිෂ්ඨ සමාජ මෙහෙවරක් උදෙසා මෙම ප්‍රඥප්තියෙන් ප්‍රතිඥා දෙමු.

 

ඔබ වෙනුවෙන් අප

මහජන සෞඛ්‍ය, පොදු මංමාවත් සහ පොදු උපයෝගීතා සේවාවන්ට අදාළ සේවා සැපයුම් හා පහත සඳහන් මූලික සේවාවන් නියමිත ප්‍රමිතීන්ට අනූකූලව ලබා දීමට මෙයින් බැඳී සිටින්නෙමු.

 

අ.අංසේවාවන් පිළිබඳ විස්තරඉලක්කගත කාලසීමාවකාර්ය ඉටු කරන නිලධාරීඋපදෙස් පත්‍රිකා අංක
1.පුස්තකාල සාමාජිකත්වය ලබා ගැනීමවිනාඩි 10පුස්තකාලයාධිපතිBPS/01
2.ක්‍රීඩා පිට්ටනිය හා නගර ශාලාව වෙන් කර ගැනීමවිනාඩි 10 (කාර්යාල දින පෙ.ව. 9.00-3.00 දක්වා)විෂයභාර නිලධාරීBPS/02
3.ජල බවුසරය වෙන් කර ගැනීමවිනාඩි 10 (කාර්යාල දින පෙ.ව. 9.00-3.00 දක්වා)විෂයභාර නිලධාරීBPS/03
4.ප්‍රචාරණ දැන්වීම් සඳහා අවසර ලබා ගැනීමවිනාඩි 10 (කාර්යාල දින පෙ.ව. 9.00-3.00 දක්වා)විෂයභාර නිලධාරී/ අදායම් පරීක්ෂකBPS/04
5.ආදාහනාගාරය/ සුසාන භූමිය වෙන් කිරීමවිනාඩි 15විෂයභාර නිලධාරී/ ආදාහනාගාර, සුසාන භූමි භාරකරුBPS/05
6.වීථිරේඛා හා නොපරවා ගැනීමේ සහතික නිකුත් කිරීමපැය 02(කාර්යාල දින පෙ.ව. 9.00-3.00 දක්වා)විෂයභාර නිලධාරී/ තාක්ෂණ සේවා නිලධාරීBPS/06
7.අනතුරුදායක ගස් පරීක්ෂා කිරීමදින 03පරිසර නිලධාරී/ තාක්ෂණ සේවා නිලධාරීBPS/07
8.වෙළඳ බලපත්‍ර නිකුත් කිරීමදින 10විෂයභාර නිලධාරීBPS/08
9.අනුකූලතා සහතික ලබා දීමදින 14විෂයභාර නිලධාරී/ තාක්ෂණ සේවා නිලධාරී/සංවර්ධන අධිකාරියේ සැලසුම් නිලධාරී/ මහජන සෞඛ්‍ය පරීක්ෂක (සැලසුම් කමිටුව)BPS/09
10.ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමග්‍රාමීය දින 14

නාගරික දින 21

විෂයභාර නිලධාරී/ තාක්ෂණ සේවා නිලධාරී/සංවර්ධන අධිකාරියේ සැලසුම් නිලධාරී/ මහජන සෞඛ්‍ය පරීක්ෂක (සැලසුම් කමිටුව)

BPS/10

BPS/11

11.ඉඩම් අනුබෙදුම් අනුමත කිරීමග්‍රාමීය දින 14

නාගරික දින 21

විෂයභාර නිලධාරී/ තාක්ෂණ සේවා නිලධාරී/සංවර්ධන අධිකාරියේ සැලසුම් නිලධාරී/ මහජන සෞඛ්‍ය පරීක්ෂක (සැලසුම් කමිටුව)

BPS/12

BPS/13

12.පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමදින 21පරිසර නිලධාරී/ තාක්ෂණ සේවා නිලධාරී/ මහජන සෞඛ්‍ය පරීක්ෂක/ ප්‍රාදේශීය පරිසර නිලධාරීBPS/14
13.විථි පහන් අලුත්වැඩියා කිරීමදින 21විෂයභාර නිලධාරී/ විදුලි කාර්මිකBPS/15
14.වරිපනම් ලේඛනයේ නම සංශෝධනය කිරීමදින 30විෂයභාර නිලධාරී/ අදායම් පරීක්ෂකBPS/16

 

ඉහත සදහන් සේවාවන් ඉටු කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි හා අවශ්‍යතාවයන් පිළිබඳ සවිස්තරාත්මක උපදෙස් පත්‍රිකාව සහ අදාළ ඉල්ලුම් පත්‍ර අප කාර්යලයෙන් ලබා ගත හැකිය.

  1. ක්ෂණිකව ක්‍රියා මාර්ග ගතයුතු මහජන සෞඛ්‍ය හා පාරිසරික පැමිණිලි සම්බන්ධයෙන් දින 01 සිට 03 දක්වා කාලය තුළ අවශ්‍ය පියවර ගනු ලැබේ.
  2. අදාළ සේවාවන් සම්බන්ධයෙන් ලැබෙන ලිඛිත පැමිණිලි හා ඉල්ලීම් සම්බන්ධයෙන් පිළිතුරු ලිපියක් හෝ ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියා මාර්ග පිළිබඳ අවසන් දැනුම් දීම දින 07 ක් තුළ සිදු කරනු ලැබේ.

 

අප වෙනුවෙන් ඔබ….

  • සේවාවන්ට අදාළ ඉල්ලුම්පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර අවශ්‍ය ලිපි ලේඛණ ලබා දීම.
  • බල ප්‍රදේශයේ පොදු අවශ්‍යතාවයන් වෙනුවෙන් සබාව විසින් කැඳවනු ලබන රැස්වීම් හා සාකච්ඡා ආදී අවස්ථාවලදී සහභාගීත්වය ලබා දීම.
  • සභාවට ගෙවිය යුතු බදු හා ගාස්තු නිසි පරිදි ගෙවීම.
  • පරිසරයට සහ ගංගා ඇල දොළ වලට කුණු කසළ දැමීමෙන් වැලකීම.
  • පොලිතීන්, ප්ලාස්ටික් සහ වීදුරු වැනි දෑ වෙන් කර ලබා දීම.
  • යම් ඉදිකිරීමක් සිදු කරන්නේ නම් ඒ පිළිබඳ සභාව දැනුවත් කර අදාළ අනුමැතිය ලබා ගැනීම.
  • බල ප්‍රදේශයේ පොදු මංමාවත්, ප්‍රජා ශාලා, සුසාන භූමි, ක්‍රීඩා භූමි, ළමා උද්‍යෘන ආදී පොදු දේපළ ආරක්ෂා කිරීම හා නඩත්තුව සඳහා සහයෝගය ලබා දීම.
  • බල ප්‍රදේශයේ වීථි ලාම්පු ආරක්ෂා කිරීම.

 

ඔබ හා අප එකඟ වූ මෙම පුරවැසි ප්‍රඥප්තිය සාර්ථක කර ගැනීම සඳහා සැවොම එක් වෙමු. කැපවෙමු… ක්‍රියාත්මක වෙමු…